භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

  • Register
  • Login
Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

උතුරින් කරද හෙළ කදුවැටියේන් හා කරද ඹයෙන්ද නැගෙනහිරෙන් ලාහුගල ජාතික අභයයෝද්‍යානයෙන්ද දකුණෙන් හැඩඔයෙන්ද බටහිරෙන් ඌව පළාත් මායිමයෙන්ද වට වු සම්ප්‍රදායික ගොවිතැනෙන් ජිවත් වන ජනතාවගෙන් සමන්විත අම්/හුලංනුගේ විද්‍යාලය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හුලංනුගේ ග්‍රාමයේ පිහිටා ඇත.

වර්ෂ 1948 පෙර අපගේ පාසල පිහිටා තිබුණේ මොණරාගල පොතුවිල් ප්‍රධාන පාරේ හුලංනුගේ මංසන්දිය අසළ විශාල මාර ගහක් යට පොල් අතු සෙවිලි කර මැටි වලින් ආවරණය කරන ලද කුඩා පැල්පතක පාසල ආරම්භ කරන ලදි.

වර්ෂ 1948 ජුලි 05 වැනි දින හුලංනුගේ ගම්මානයේ  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ කේ.සි.පෙරේරා මහතාය. එතුමන් සමග දොන් සයිමන් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන්  ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඩි.එම්.ගුණවර්ධන සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ සිටි ඞි.එම්.කිරිබණ්ඞා හා මුතුබණ්ඞා සහය දක්වා අම්/ හුලංනුගේ විද්‍යාලය ලෙස  හුලංනුගේ මංසන්දියේ සිට 500mm පමණ බක්මිටියාව දෙසට රැගන යන ලදි.

1948  දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1965 ජනවාරි 25 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.

1948 ජුලි 05 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි තුනක්ද, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

1948 ජුලි 05 අප පාසල ආරම්බයත් සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 2015 වසරේ සමත් වූ අතර  විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 2000 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය , පුස්තකාලයක්ද, සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, විවිධ ආගමික වැඩ සටහන්, විවාද කණ්ඩායම, ශිෂ්‍ය භට, අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

2000 පසු මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 22ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 02 කින් සමන්විතය. 200 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "සුමගට යොමු  වූ  යහපත් දරුවෙක් ගුණ, නැණ, බල ඇති පිරිපුන් මිනිසෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. 

ආරම්භ කළ වර්ෂය

1948 ජුලි 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

12

මුල් ගුරුතුමාගේ නම

 K.C.පෙරේරා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

අම්/හුලංනුගේ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1948 ජුලි 05

පාසල පැවැත්වූ ස්ථානය

මොණරාගල පොතුවිල් ප්‍රධාන පාරේ හුලංනුගේ මංසන්දිය අසළ විශාල මාර ගහක් යටය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩි.එම්.ගුණවර්ධන

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

Hulannuge V.

අම්/හුලංනුගේ විදුහල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • AM/Hulannuge Vidyalaya, Hulannuge

: (+94)713568053

: [email protected]

Supported By

© 2026 Hulannuge V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk