නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පණිවිඩය
අම්/හුලංනුගේ විද්‍යාලය
නැගෙනහිර පළාතේ මායිම් ගම්මානයක පිහිටි අම්/හුලංනුගේ විද්‍යාලය ඉතාම දුෂ්කර පාසලකි. දක්ෂතා වලින් පිරිපුන් දරු කැලක් මෙහි අධ්‍යාපනය ලබන අතර කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත. සමහර ජයග්‍රහණ කරා පියවර තැබීමට දරු වන්ට අපහසු වීමට ප්‍රධාන හේතුව වශයෙන් ආර්ථික අපහසුතා පෙන්වා දිය හැක.
තොරතුරු තාක්ෂණ විෂයට දරුවන් ඉතා ආශාවෙන් හා උද්යෝගයෙන් සම්බන්ද වේ. ඒ අනුව අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේ දී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරන අතර අප විද්‍යාලයීය වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ප්‍රගතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම උදෙසා ක්‍රියාකල සැමට මාගේ හදපිරි තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ කුසලතා වර්ධනය වී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
අම්/හුලංනුගේ විද්‍යාලය.