පාසල් ගීතය
පාසල් මාතා සමරමු බැතිනි සදා
හරසර සෙමෙර සලා................//
සිප්සත දෙමිනේ යහමඟ පෙන් වූ
හුලංනුගේ පාසල් මෑණියගේ....................//
කිතුගොස ලොව පතුරා ජය ගැනුමට
දිරිදී පෙරට ඇදෙව් ආ..........................//
දස දහසක්වූ කෙත්බිම් සිපගෙන
එන මඳ පවනින් ගිමන් නිවාලන .................//
විරු දරුවන් සිරිලකට තිළිණ කළ
වැජඹෙමු මෙබිම සදා ආ.....................//
වැවින් දාගැබින් කෙතින් පෝෂිතව
උදාර හෙළයන් නිතින් සමගියෙන්...............//
ගොඩනැගුමේ පින් බිම සරු කෙරුමට
දිරි දී පෙරට ඇදෙව් ආ.......................//
පාසල් මාතා සමරමු බැතිනි සදා
හරසර සෙමෙර සලා................//
ආ....................
හරසර සෙමෙර සලා......................//