![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ සිටි ඞි.එම්.කිරිබණ්ඞා හා මුතුබණ්ඞා සහය දක්වා 1948 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1965 ජනවාරි 25 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1948 පෙර අපගේ පාසල පිහිටා තිබුණේ මොණරාගල පොතුවිල් ප්‍රධාන පාරේ හුලංනුගේ මංසන්දිය අසළ විශාල මාර ගහක් යට පොල් අතු සෙවිලි කර මැටි වලින් ආවරණය කරන ලද කුඩා පැල්පතක පාසල ආරම්භ කරන ලදි.අරම්භ වු පාසලේ මුල් ගුරුතුමන් වූයේ කේ.සි.පෙරේරා මහතාය. එතුමන් සමගදොන් සයිමන් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ඞි.එම්.කිරිබණ්ඞා හා මුතුබණ්ඞා පාසලක් නිර්මනයට දායකත්වය දක්වයි.
